ඊයේ තිසර පාකිස්තානේට ගිහින් වැඩ පෙන්නලා පේ‍්‍රක්ෂකයින්ගේ හදවත් නරත කළ තරගයෙන් ‘පේෂ්වර්’ කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක්..(VIDEO)

පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ ඊයේ පැවැති පිළිවලුන් පිටුදැකීමේ තරගයකින් ක්වෙතා ග්ලැඩියේටර් කණ්ඩායම පරදවා එක් ලකුණක තියුණු ජයක් හිමිකරගැනිමට පේෂ්වර් ස්ලාමි කණ්ඩායම සමත්විය.

ඒඅනුව මෙවර පාකිස්තානු සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමට ක්වෙතා කණ්ඩායම සිදුවියක්වෙතා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පන්දුවට පහරදුන් ස්ලාමි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 157ක් ලබා ගැනිමට සමත්විය.

අසරණ වී සිටි ස්ලාමි කණ්ඩායමට ජීවය දුන් ලියම් ඩෝසන් පන්දු 35කදී හයේ පහර 04ක් හා හතරේ පහර 06ක් සමගින් වේගවත් ලකුනු 62ක් රැුස් කිරිමට සමත්වියපන්දු යැවීමේදී රහත් අලි විශිෂ්ට පන්දුයැවීමට නිරත වෙමින් ඔ්වර 04 ලකුණු 16කට සීමා කරමින් කඩුලු 04ක් දවා ගත් අතර මෙවර පාකිස්තානු තරගාවලියේ පළමු තරගයට සහභාගී වු තිසර පෙරේරා ලකුනු 24කට කඩුලු 02ක් දවා ගැනීමට සමත්විය.

ජයග‍්‍රහණය සදහා පිටියට පිවිසි ක්වෙත් කණ්ඩායමේ ආරම්භක කඩුලු 02ක ලකුනු 17ක් තුළ බිදවැටුනත් මොහොමඩ් නවාස් සමග එක්වු නායක සෆ්රාස් අහමඩ් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර ඔවුන් දෙදෙනාම ලකුනු 35බැගින් ලබා ගැනීමට සමත්විය.

09 වැනි පන්දුවාරයේ සිව්වැනි සහ පස්වෙනි පන්දුවෙන් නවාස් හා සෆ්රාස් දැවීයාමත් සමග යළි තරගයට අවතීර්ණ වූ ස්ලාමි පන්දුයවන්නෝ ක්වෙතාකණ්ඩායමේ ප‍්‍රබල පිතිකරුවන් ඉතා මැනවින් පාලනය කරන ආකරයක් දිස්විය.අවසන් මෙහොතේ පිටියට පැමිණි තිසර පෙරේරාටද ලබාගත හැකිවුයේ ලකුණු 12ක් පමණිකෙසේ වුවත් ක්වෙතා කණ්ඩායමට අවසන් පන්දුවාරයට ලකුණු 25ක් අවශව තිබු අතර අන්වර් අලී සටන්කාමී ඉනිමක් දියත් කරමින් අවසන් පන්දුවාරයේදී ලකුනු 23ක් ලබා ගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී පේෂ්වර් ස්ලාමි කණ්ඩායම වෙනුවෙන් හසන් අලී හා සමීන් ගුල් ලකුණු 21කට කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත්වු අතර වහබ් රියාස් හා උමාඩ් අසීෆ් ලකුණු 26කට කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත්විය.

Comments

Popular posts from this blog

அஜித்தின் விஸ்வாசம் படத்தின் கதை இது தானாம்

‘බංගලි පිලේ මැට්ටො කිහිපදෙනෙක් වරදක් කළාට ඉන්දියාවත් එක්ක ජයපැන් බීපු එක දේශපාලන වරදක්..එට්කා අත්සන් කරන්න දැන් ලේසියි’ විමල් වීරවංශ video

රබාඩා එදා ස්මිත්ට අැත්තටම මෙහෙමයි සද්දේ දැම්මේ බලන්නකො බංගලියොන්ට දිපු දඩුවම මොකක්ද කියලා තේරෙයි video