බංගලියන්ට ක‍්‍රිකට් එපාකරවූ ‘දිනේෂ් කාර්තික්’ තරහෙන් හිටපු හේතුව රෝහිත් හෙළිකරයි..

ඉන්දියානු පිතිකරු හමුදාවේ හැටියටත්, අයි.පී.එල්. තරගාවලියේදී ඉන්දීය ක්‍රීඩකයන් ආධිපත්‍යය පතුරුවාගෙන සිටින ආකාරයටත් ලකුණු 167 ක ඉලක්කයක් යනු ඒ හැටි කජ්ජක් නොවේ. ඉලක්කය කරා යාමේදී ඉන්දියානු සැලැස්ම වූයේ රෝහිත් ෂර්මා කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් ක්‍රීඩා කරද්දී ෂිකාර් ධවාන් පන්දු යවන්නන් රිදවීමට යෙදවීමයි එහෙත් ෂිකාර් ධවාන් සහ සුරේෂ් රයිනා දෙදෙනාම පන්දු 5 ක් ඇතුළතදී දැවී යාම හේතුවෙන් සැලසුම් වෙනස් කරන්නට සිදුවිය.

අන්තර්ජාතික මට්ටමේදී ඉතාමත් පළපුරුදු පිතිකරුවකු වූ සුරේෂ් රයිනාපන්දු තුනකට පමණක් මුහුණ දී ලකුණු නොලබාම දැවී ගියේය.ඒ හේතුවෙන් අංක 4 පිතිකරුවා වූ දිනේෂ් කාර්තික් අංක 7 දක්වා තල්ලු කිරීමට සිදුවිය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉරිදා රාත්‍රියේ පැවැති නිදහස් කුසලාන අවසන් තරගය ජයගත් සැලැස්ම ඉන්දියානු නායකයා හෙළිදරව් කළේ තමන් විසින් ගන්නා ලද අවදානම් සහගත තීරණය සාර්ථක වීමේ සතුටද ඇතිවය. ඉන්දීය නායක රෝහිත් ෂර්මා තරගයෙන් පසුව ඒ සම්බන්ධයෙන් පැහැදිළි කළේය.

මම දැවී ගියාට පස්සේ බංකුවේ ඉඳගෙන ඉන්නා විටත් දිනේෂ් හිටියේ ඒ තරම් සතුටින් නෙමේ. ඒකට හේතුව එයාව පිතිකරු ලයිස්තුවේ පහළට තල්ලු කිරීමයිඒත් මට එයාගේ සේවය ඕනේ අවසන් ඕවර තුන හතරේදී කියලා මම එයාට කිව්වා. ඔබට තියෙන දක්‍ෂතා අනුව ඔබ මේ තරගය අප වෙනුවෙන් අවසන් කළ යුතුයි කියලාත් මම එයාට කිව්වා…..මා දැවී ගියාට පස්සේ කාර්තික් පිටියට නොඑවූ හේතුව ඒකයි. එයා මුලින් ඒකට අකමැති වුණත් එයා තරගය අවසන් කළ ආකාරය ගැන දැන් සතුටු වෙනවා ඇති” යයි රෝහිත් ෂර්මා පැවසීය.

රංජි කුසලාන තරගාවලියේදී තමිල්නාඩු ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන නමුත් අයි.පී.එල්. තරගාවලියේදී තමන් සමග මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කාර්තික් සම්බන්ධයෙන් රෝහිත් ෂර්මාට පැහැදිළි වැටහීමක් තිබිණ.

තරගයේ අවසන් ඕවර හතරේදී ඉන්දීය ඉලක්කය පන්දු 24 කින් ලකුණු 44 ක් විය. සෞම්‍ය සාර්කර් විසින් යවන ලද 17 වැනි ඕවරයේදී ලකුණු 9 ක් ලබාගැනීමට මනීෂ් පාණ්ඬේ සහ විජේ ශංකර් සමත් වූ නමුත් මුස්ටෆිසුර් රෙහෙමාන් විසින් යවන ලද 18 වැනි ඕවරය නොයිඳුල් ඕවරයක් විමනිසා ඉලක්කය පන්දු 12 කදී ලකුණු 34 ක් විය.

18 වැනි ඕවරයේදී මනීෂ් පාණ්ඬේ දැවී යාම හේතුවෙන් පිටියට පිවිසි කාර්තික් 19 වැනි ඕවරය යැවූ රුබෙල් හොසේන්ට සංග්‍රහ කළේ 6, 4, 6, 0, 2, 4 ලෙසිනි. පන්දු 6 කින් ලකුණු 22 ක් එක්වීමත් සමගින් ඉලක්කය පන්දු 6 කදී ලකුණු 12 ක් විය. පන්දු 3 කට පසුව විජේ ශංකර් දැවී ගියද චකිතය යනු කුමක්ද යන්න නොහඳුනන කාර්තික් අවසන් පන්දුව හතරේ සීමාවට ඉහළින් යැවූයේ සෞම්‍ය සාර්කර්ගේ තරග දිවියේ වේදනාත්මකම අත්දැකීම ඉතිරි කරමිනි.

එයාගේ පොතේ තියෙන පහර ගැන මා හොඳින් දන්නවා. තරගයක අවසන් කොටසේදී ඒවා බොහොම ප්‍රයෝජනවත්. මොකද ඒ කොටසේදී කවය ඇතුළේ සිටින්නේ එක ක්‍රීඩකයෙක් පමණයි. එක්කෝ ෆයින් ලෙග්, නැත්නම් මිඞ් ඕෆ්…එහෙමත් නැත්නම් ෂෝට් තර්ඞ් මෑන් වගේ ස්ථාන වල. ඒ වගේ වෙලාවකදී මොකක් හරි හිතුවක්කාර පහරක්, රුබෙල් හොසේන්ට ගැහැව්වා වාගේ, ගහන්න එයාට පුළුවන්” යයි පැවසූ ඉන්දීය නායකය.

මම හිතුවේ 18 සහ 20 වැනි ඕවර යවන්න මුස්ටෆිසුර් එයි කියලයි. එයාගේ ඕෆ් කටර්ස් පන්දු වලට මුහුණ දෙන්න අපිට පළපුරුදු කෙනෙක් ඕනෑ කළා. ඒ වගේ වෙලාවකදී දිනේෂ් කියන්නේ හොඳ තේරීමක්” යයිද පැවසීය.

කණ්ඩායමේ කඩුලු රකින්නා වන දිනේෂ් කාර්තික් ඉන්දීය පිලට එක්වූයේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව මහේන්ද්‍ර සිං දෝනි විවේක ගැන්වූ බැවිනි. එහෙත් මෙම ඉනිමෙන් පසුව කාර්තික් කෙරෙහි යොමුවන අවධානය වැඩිවී තිබේ. දැනට 36 වැනි වියේ සිටින නමුත් මහේන්ද්‍ර සිං දෝනි තවමත් ඉන්දීය පිල වෙනුවෙන් හොඳ දස්කම් දක්වයි.

Comments

Popular posts from this blog

அஜித்தின் விஸ்வாசம் படத்தின் கதை இது தானாம்

‘බංගලි පිලේ මැට්ටො කිහිපදෙනෙක් වරදක් කළාට ඉන්දියාවත් එක්ක ජයපැන් බීපු එක දේශපාලන වරදක්..එට්කා අත්සන් කරන්න දැන් ලේසියි’ විමල් වීරවංශ video

රබාඩා එදා ස්මිත්ට අැත්තටම මෙහෙමයි සද්දේ දැම්මේ බලන්නකො බංගලියොන්ට දිපු දඩුවම මොකක්ද කියලා තේරෙයි video