“ඒක මගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාව. මම අවසන් පන්දුව යවන වෙලාවේ ඇස් දෙක පියාගත්තා. ටික වේලාවකින් ඇස් දෙක ඇරලා බලද්දී ක්‍රීඩා පිටියම සැණකෙළියක් වෙලා, එතකොට තමයි මට හුස්ම වැටුනේ.” විජේ සංකර් දැන් කියන කතාව
බංග්ලාදේශය සමග පැවති නිදහස් කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රහණය ඉන්දියාවට අපහසු ඉලක්කයක් බවට පත් වුනේ පිතිකරණ උසස්වීමක් ලද විජය සංකර් බංගලදේශ පන්දු යවන්නන් හමුවේ පීඩනයක් ලක් වීම හේතුවෙනි.
කෙසේවුවත් අවසන් පන්දුවට පෙර පන්දුවේදී විජේ සංකර් දැවී ගියේ ගියේ එක් පන්දුවක් තුළ ජයග්‍රහණයට ලකණු 5ක ඉලක්කයක් ලබාදෙමින් එම අභියෝගයට සාර්ථක පිළිතුරක් දුන් දිනේෂ් කාර්තික් අවසන් පන්දුවේදී 06 පහරක් එල්ල කරමින් නිදහස් කුසලාන තරගාවලියේ ශූරතාවය ඉන්දියානු කන්ඩායමට හිමිකරදීමට සමත්වුනා.
යම් විටක තරගය පරාජය වුයේනම් එහි චෝදනාව විජය ශංකර් හට එල්ලවීමට තිබු නිසා එම තරගය සම්බන්ධයෙන් ඔහුට ඇතිවූ හැගීම මෙලෙස පවසා තිබුණාඒක මගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාව. මම අවසන් පන්දුව යවන වෙලාවේ ඇස් දෙක පියාගත්තා. ටික වේලාවකින් ඇස් දෙක ඇරලා බලද්දී ක්‍රීඩා පිටියම සැණකෙළියක් වෙලා, එතකොට තමයි මට හුස්ම වැටුනේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නවකයෙක් වන සංකර් එදා රාත්‍රියේ අත්දැකීම තවදුරටත් මෙලස විස්තර කළාඇත්තටම ඒ විනාඩි 15 මට පැය දෙක තුනක් තරම් දීර්ඝ කාලයක් වුනා. කාර්තික්ට හයේ පහර ගහන්න බැරි උනා නම් තරගය පරදිනවා, ඒ කියන්නේ පන්දු කිහිපයකදී ලකුණු ගහන්න බැරි උන මට තමයි පරාජයේ දෝෂරෝපණය එන්නේ. මම හද පතුලෙන්ම ඔහුට(කාර්තිකට) ස්තුතිවන්ත වෙනවා. එත් මට හිතෙනවා ස්වර්ණමය අවස්ථාවක් මම අත්හැරියා කියලා.
විජේ සංකර් පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසෙන මොහාතේ ඉන්දියාවට අසීරු ඉලක්කයක් නොතිබූ අතර ඔහු පිටියට පැමිණියේ කාර්තික් පිතිකරණ ලැස්යිස්තුවේ පසු පසට දමා පිතිකරණ ලයිස්තුවේ උසස්වීමක් ලබාගනිමින්.

Comments
Post a Comment