සිංහ ධජය රැගෙන යමින් ලාංකිකයන්ට ආචාර කළ නිහතමානි ‘රෝහිත්’ කියපු කතාව මෙන්න

සත්කාරකයන්ව ඉවතට විසිකරමින් නිදහස්‌ කුසලාන 20/20 අවසන් සටනට පිවිසි බංග්ලාදේශය ඊයේ (18 දා) ඉන්දියානුවන් හමුවේ කඩුලු 4 ක පරාජයක්‌ ලැබීය. එ අනුව සමස්‌ත තරගාවලියේ එක්‌ තරගයක්‌ පමණක්‌ පරාජයට පත්වූ ඉන්දියානුවෝ වැඩි ගෞරව සහිතව නිදහස්‌ කුසලානයේ සැබෑ අයිතිකරුවන් බවට පත්වූහ.

ශ්‍රී ලංකාව සමග තරගයේදී නොරිස්‌සුණු ගති පෙන්නුම් කළ බංග්ලාදේශයට ඊයේ ප්‍රේක්‌ෂකයන්ගෙන්ද කිසිදු සහයක්‌ නොලැබිණි. ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් බහුතර ප්‍රේක්‌ෂක ආශිර්වාදය ලැබෙද්දී ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාව නොමැති අවසන් සටනකදී වැඩි ප්‍රේක්‌ෂකයන් සංඛ්‍යාවක්‌ පැමිණ සිටීම කැපී පෙනුනි.

තරඟාවලිය පුරාම ඉන්දීය කණ්ඩායම හැසිරුණ විදිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීනට ගොඩක් හිතට වදින්නට ඉන්දීය නායකයා ලෙස පැමිණි රෝහිත් ශර්මාගේ හැසිරීමද බොහෝ දුරට බලපෑම් කල අතර සාමනයයෙන් අනෙකුත් ක්‍රීඩකයන්ට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ගරු කරන ඉන්දීය ක්‍රීඩකයෙකු වන ශර්මා නිදහස් කුසලානය දිනාගැනීමෙන් පසුව මුලින්ම කලේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පල කිරීම වීමද විශේෂ කරුණකි.

මම මුලින්ම ස්තුති කරන්න ඕන අද අපිට සහය දක්වපු ප්‍රේක්ෂකයන්ට,මේ වගේ පීඩනයක් තියන තරඟයක ඒ වගේ සහයක් ලැබෙනවා කියන්නේ අපිට ලොකු හයියක්,සාමාන්‍යයෙන් මව් රටෙන් නැතුව මේ වගේ සහයක් ලැබෙන එක අපේ කණ්ඩායමේ ලොකු වාසනාවක්.අපි දැනගෙන හිටිය අපේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නැති වුනත් අපි ශක්තිමත් කියල,තරුණ ක්‍රීඩකයෝ හොඳටම කළා,ඇත්තටම මේ වගේ තරුණයෝ කණ්ඩායමේ හිටියම නායකයට පීඩනයක් නෑ.ගොඩක් ලේසියි එයාල මෙහෙයවන්න,මේ තරඟයේ ජයග්‍රහණයට කාර්තික් තමයි ලොකුම දේ කලේ,කාර්තික් කාලයක් තිස්සේ අපේ කණ්ඩායමට එනවා යනවා,අද පෙන්නුවා ඔහුට මොකද්ද පුළුවන් කියල,ඔහුගේ අත්දැකීම් එක්ක තරඟය අවසාන කරපු විදියනම් ඇත්තටම සුපිරියි.

ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින් බංගලාදේශයේ අතේ තිබුන ජය උදුරා ගත් ඉනිම ක්‍රීඩා කල දිනේෂ් කාර්තික් තරඟයෙන් පසුව පවසා තිබුනේ මෙම ජයග්‍රහණය ගැන තමා බොහෝ සේ සතුටු වන බවය.

ඇත්තටම ගොඩක් සතුටුයි මේ දේ කරන්න පුළුවන් වුන එකට,මුෂ්ෆිකර් පන්දු යවපු විදියට පහර දෙන්න ලේසි නෑ,මම උත්සාහ කලේ හැම පන්දුවටම තදින් පහර දෙන්න,හැම පන්දුවක්ම හතරේ සීමාවට යවන්න,ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුනේ නෑ,මගේ උත්සාහය ගොඩක් දුරට සාර්ථක වුනා,ඇත්තටම ගොඩක් සතුටුයි.

Comments

Popular posts from this blog

அஜித்தின் விஸ்வாசம் படத்தின் கதை இது தானாம்

‘බංගලි පිලේ මැට්ටො කිහිපදෙනෙක් වරදක් කළාට ඉන්දියාවත් එක්ක ජයපැන් බීපු එක දේශපාලන වරදක්..එට්කා අත්සන් කරන්න දැන් ලේසියි’ විමල් වීරවංශ video

රබාඩා එදා ස්මිත්ට අැත්තටම මෙහෙමයි සද්දේ දැම්මේ බලන්නකො බංගලියොන්ට දිපු දඩුවම මොකක්ද කියලා තේරෙයි video